ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිය ආරම්භ වෙයි

    දෙසැම්බර් 07, 2016

    ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 72 වැනි වාර්ෂික සැසිවාරය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05)  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

    වර්ෂ 1944 දී ආරම්භ වූ ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය ශී‍්‍ර ලාංකිකයින්ගේ විද්‍යා දැනුම ප‍්‍රවර්ධනය පෙරදැරි කොටගෙන කි‍්‍රයාත්මක වන ආයතනයක් වන අතර රටේ සංවර්ධනයට හේතුවන විද්‍යා හා තක්ෂණික දැනුම රටට බෙදාදීමේ මුඛ්‍ය පර්මාර්ථය පෙරදැරිව සියලු වැඩසටහන් කි‍්‍රයාවට නංවනු ලබයි.

     

    විවිධ විෂය පථයන් ඔස්සේ පර්යේෂණ සිදුකරන, විද්‍යාර්ථින් සියලුදෙනා එකම වේදිකාවක සිය පර්යේෂණ හා නව සොයාගැනීම් ඉදිරිපත් කිරීමත්, ඒ පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩ නැංවීමත් විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිය හරහා සිදුවන අතර, සමාජ ප‍්‍රගමනය උදෙසා අන්තර් විෂයානුබද්ධ පර්යේෂණ, සංවර්ධනය හා පුහුණුව, තේමාව යටතේ මෙවර සැසිවාරය පැවැත්වේ.

     

    සැසිවාරය අද (07) සිට ලබන 09 වනදා දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේදී පැවැත්වෙන අතර තේමා සම්මන්ත‍්‍රණය ඊයේ (06) කොළඹ සව්සිරිපායේදී පැවැත් විය. ඒ සඳහා ජාතික සහ අන්තර්ජාතික විද්‍යාර්ථීන් රැසක් එක්වනු ඇත.

     

    විද්‍යා ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්චාත් උපාධි පිළිගැන්වීම සහ විද්‍යාව ප‍්‍රචලිත කිරීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ කාර්යයට උරදුන් ප‍්‍රවීණයින්ට හා ආධුනිකයින්ට විද්‍යා ව්‍යාප්ති මාධ්‍ය ශූරතා ඵලක පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ද, ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපතිනි මහාචාර්ය මන්ජුලා විදානපතිරන මහත්මිය ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya