ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි

    දෙසැම්බර් 10, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්විය.

    පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳව සොයා බැලීම පිණිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් පත් කරන ලද තත්කාර්ය අනුකාරක සභාවේ වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     

    වර්තාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා, පර්ලිමේන්තුව සහ පළාත්සභා අතර සබඳතා සොයාබැලීම පිණිස ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් පත් කරන ලද තත්ත්කාර්ය  අනුකාරක සභාවේ වාර්තාව පිළිගන්නවමි.

    අපි අනුකාරක සභා 07ක වාර්තා සභාවට ඉදිරිපත් කර තිබෙනවා. ජනවාරි මස 09 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අඳහස් ලබාගන්න වාරයක් ලබාගන්න අවස්ථාව සළසා තිබෙනවා.


    මෙහෙයුම් කමිටු වැඩසඳහා වැදගත් වෙනවා. එහි විෂයන් ගණනාවක් ඇතුළත් වී තිබෙනවා. අනුකමිටුවට, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග,  තුසිතා විජේමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වෙනවා.

     

    විවිධ පක්ෂවල අඳහස් අරගෙන ඊළඟ වාර්තා ඉදිරිපත් කරන්න. ඊළඟ වාර්තා සකස් කළාම සභාවේ අඳහස් ලබාගන්න පුළුවන්. ප්‍රධාන පක්ෂවල අඳහස් ලබාගන්නත් බලාපොරොත්තු වෙනවා.අනුකමිටුවලට උදව් කළ සමාජිකයන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීයා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya