ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    රට ඉදිරියට ගෙන යාමට විදේශ ආයෝජන අවශ්‍යයි

    දෙසැම්බර් 10, 2016

    රට ඉදිරියට ගෙන යාමට විදේශ ආයෝජන අවශ්‍ය බවත් රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කටයුතු කළයුතු බවත් ඉදිරි කාල‍යේ දී බදු පදනම ශක්තිමත් කළයුතු ‍බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    මුදල් අමාත්‍යාංශ වැයශීර්ෂයේ අඳහස් දක්වමින් අද (10) පර්ලිමේන්තුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

    සංචිත‍යෙන් මුදල් එළියට ගැනීම අද ඊ‍යේ සිදුවූ ‍දෙයක් ‍නො‍වේ.  අවශ්‍ය අවස්ථාවල දී ගන්නවා. ණය ‍ගෙවන අවස්ථා‍වේ දී ‍ඩොලරය අඩුකර ගන්න ‍මෙය පාලනය කරනවා. අවුරුදු ගානකට පසුව ‍මෙවැනි තත්ත්වයන් සිදුව ති‍බෙනවා.

    රජ‍යේ බැංකුව වශ‍යෙන් මහ බැංකුව කටයුතු කරනවා. ආදායම හා වියදම අතර පරතරය සමනය කිරීම භාණ්ඩාගාර‍යේ කාර්යයභාරය ‍වෙනවා. වසර ගණනක් ‍මේ ර‍ටේ ප්‍රධාන පක්ෂ ආණ්ඩුකර ති‍බෙනවා. හරියටම අවුරුදු 32 බැඟින් පාලනය කර ති‍බෙනවා. අ‍පේ ප්‍රතිපත්තිවල එකඟතාවක් තිබු‍ණේ නැහැ. පක්ෂ අතර ප්‍රතිපත්තිමය ‍වෙනස්කම් ති‍බෙන්න පුළුවන්. නමුත් ඉදිරි වසර කිහිප‍යේ දී අ‍පේ ර‍ටේ ‍වෙනසක් සිදුකරන්න අපි සූදානම් වියයුතු ‍වෙනවා.

     

    ඉදිරි‍යේ දී බදු ප්‍රතිපත්ති‍යේ ‍වෙනසක් කරන්න ‍වෙනවා. පසුගිය 2015 වස‍රේ දී රජ‍යේ ආදායම රුපියල් බිලියන 1455යි. නමුත් වියදම රුපියල් බිලියන 1800ටත් වැඩි අගයක් ‍වෙනවා. රටට අලුතින් ආ‍‍යෝජන ‍ගෙන්වා ගන්න අවශ්‍යයි. චීන ආ‍යෝජනය ‍නොමැතිව ‍ලෝක‍යේ කිසිඳු රටකට ඉදිරියට යන්න බැහැ. ‍‍ලෝක ආර්ථික බලවතා බවට චීනය පත්ව ති‍බෙනවා. ‍ලෝක‍යේ උපාය මාර්ග වශ‍යෙන් සියලුම වැදගත් අංශවල චීනය ආ‍යෝජනය කර ති‍බෙනවා. අපි වැරැදි විදියට සිතිය යුතු නැහැ. වරාය ව්‍යාපෘතියත් අ‍පේ රටට අවශ්‍ය ‍දෙයක්. හම්බන්තොට ආ‍යෝජන සිදුකිරීම ද අවශ්‍ය ‍වෙනවා.

     

    චීනයට ඉඩම් විකුණන්නේ නැහැ. බදුවලට ලබාදී ති‍බෙනවා. ආ‍යෝජන එනවා. ඒවා නතර කරන්න බැහැ. චීනයට ‍මේ අවස්ථාව ‍දෙනවිට ඉන්දියාව සමඟ සහ‍යෝඟ‍යෙන් කටයුතු කළයුතු ‍වෙනවා. අපිට ස්ථාවරව ‍මේ ගමන යන්න ආ‍යෝජන ‍ගේන්න ඕන. අපිට තිබුණු ස්වරණමය අවස්ථා අහිමිකර ගත්තා. රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කටයුතු කළයුතු ‍වෙනවා. ඉදිරි කාල‍යේ දී බදු පදනම ශක්තිමත් කළයුතු ‍වෙනවා. එය සරල කළයුතු ‍වෙනවා.

    අද වනවිට සංචාරක පැමිණීම මිලියන ‍දෙකකට යන්න හැකිව ති‍බෙනවා. නමුත් ඉදිරි‍යේ දී එම ඉලක්කයට වඩා යන්න හැකි‍වෙයි. ඒකපුද්ගල ආදායම අද වනවිට ඉහළ ‍ගොස් ති‍බෙනවා. මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහළ ‍ගොස් ති‍බෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya