ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    මැලේසියා රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

    දෙසැම්බර් 17, 2016

    මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියාවේ රජුවන සුල්තාන් මොහොමඩ් රජතුමා අතර නිල හමුව ඊයේ (16) පස්වරුවේ සිදු කෙරිණි.

    මැලේසියා රාජ මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා මැලේසියා රජු විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

     

    ඉතා සුහදශීලි අන්දමින් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකා නව රජයේ කටයුතු පිළිබද මහත් ප්‍රසාදයෙන් කථා කළ මැලේසියානු රජතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සම්මුතිවාදී රජයේ ගමන් මග ද ඇගයීමට ලක් කළේය.

     

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් දැක්වීමට තමා මැලේසියානු රජයට උපදෙස් ලබා දී ඇති බව ප්‍රකාශ කළ සුල්තාන් මොහොමඩ් රජතුමා ශ්‍රී ලංකා රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුභාශිංසන පිළිගැන්වීය.

     

    සංහිදියාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථීක සංවර්ධනය උදෙසා නව සම්මුතිවාදී රජය යටතේ ගෙන ඇති පියවර මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජතුමා වෙත විස්තර කරනු ලැබීය.

     

    ශ්‍රී ලංකාව වෙනුවෙන් මැලේසියා රජය ලබාදෙන සහය වෙනුවෙන් සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ජය ගැනීමට මැලේසියාවේ සහය නොඅඩුව ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

     

    කෙලාන්තන් ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන 2016 වසරේ බලයට පත්වූ සුල්තාන් මොහොමඩ් රජු මැලේසියාවේ දැනට පත් වූ ළාබාලතම රජු ලෙස හැදින් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya