ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අනාගත පරපුරට යහපත් රටක් ගොඩනැගීමට කැපවනවා - ජනපති

    දෙසැම්බර් 22, 2016
    රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් අප වෙත පැවරී ඇති ඉහළම වගකීම සහ යුතුකම වන්නේ අනාගත පරපුර ශක්තිමත් දරු පරපුරක් ලෙස ගොඩනැඟීම බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනාගත දරු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ද කියා සිටියේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සමෘද්ධි ළමා සමාජ සංස්කෘතික සහ සාහිත්‍ය උළෙල අමතමිනි.
     
    හෙට ලොව දිනන රට දසත සැඟවී ඇති දැයේ දරුවන්ගේ නිර්මාණශීලී සෞන්දර්යාත්මක සාහිත්‍ය හැකියාව සමග සංවේදී මිනිසුන් ලෙස අනාගත පරපුර ගොඩනැගීම උදෙසා සමෘද්ධි කැකුළු ළමා සමාජ මගින් මෙම සාහිත්‍ය උළෙල සංවිධානය කර තිබුණි.
     
    රටේ සංස්කෘතිය සහ සාහිත්‍ය ඇසුරු කරන යහපත් අනාගත පරපුරක් ලෙස දරුවන් ගොඩනැඟීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා රටේ සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ඇති කරමින් සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේදී ද සංස්කෘතිය සහ සාහිත්‍ය ඉතා වැදගත් සාධකයක් බව කියා සිටියේය.
     
    විශිෂ්ටතා දැක්වූ දරු දැරියන්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ළමා කැකුළු සමාජ මෙහෙවන දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට සහ දිවි නැගුම දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන් විශාල පිරිසක් ද මීට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya