ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිගෙන් නත්තලට සුබ පැතුම්

    දෙසැම්බර් 25, 2016

    අද දිනට යෙදී තිබෙන නන්තල් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් පණිඩයක් නිකුත් කර තිබෙන අතර එම සම්පූර්ණ සුභපැතුම් පණිඩුඩය පහත සඳහන් වේ.

    "මානව පරිණාමයේ මිනිසා ලද සුවිශේෂ ජයග‍්‍රහණ අතර ඔහුගේ ආගමික ප‍්‍රවේශය අන් සියලු ජයග‍්‍රහණයන් අභිබවා සිටී. මිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන්ගේ අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පනදම් වූ ආගමික නැඹුරුව ඔස්සේය.

     

    වසර දෙදහස් ගණනකට පෙර ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ද අවිචාරය, සැහැසිබව සහ කෲරත්වය පිරිවැරුණු සමයකය. එදවස දිළිඳ ගවලෙනක් කේන්ද්‍ර කරගනිමින් ගලාගිය නව ආගමික දැක්මක ආලෝකය නැකැත් තරුවක රුවින් එදා මෙදා තුර මානව උදාරත්වයේ තවත් මග සලකුණක්ව දිදුළයි.

     

    සමස්ත ලෝකවාසී කිතුණු බැතිමතුන්, විශ්වීය මංගල්‍යයක් ලෙසින් සමරනු ලබන නත්තල තුළ තෙපුල් නගනුයේ මහා දයාවේ ළබැඳි රිද්මයයි. එදවස බලයෙන් උමතු වූ හෙරෝද් වැනි රජවරුන් ඉතිහාසය තුළම රඳවා සහජීවනයේත් සමාජමය යහසාධනයේත් පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ සදාතනික පූජනීයත්වයට ඔසවා තබනුයේ යහපත වන්දනීය ලෙස සලකන ලෝකවාසී ජනතාවයි.


     
    සියල්ලන් කෙරෙහි පේ‍්‍රමය දායාද කරමින් නත්තලේ සැබෑ පණිවුඩය වන සාමය, සතුට සහ දයාවෙන් මනුසත්බව පැහැබර කරන්නාවූ තවත් උත්කර්ෂවත් නත්තලකට සියලු කිතුණු බැතිමතුන් වෙත ශුභාශිංසන පිරිනමමි.

    සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya