ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන විශේෂ විධිවිධාන පනතෙන් පළාත් සභාවන්ට බලපෑමක් නැහැ- අගමැති

    දෙසැම්බර් 25, 2016

    පළාත් සභාවන්ට අයත් කිසිදු විෂයයකට කිසිදු බලපෑමක් මේ පනත මගින් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා අවධාරණය කරයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති අතර, දකුණ, බස්නාහිර, නැගෙනහිර, ඌව යන පළාත් ප්‍රධාන අමාත්‍යවරු ඊට සහභාගී වූහ.

    සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත මගින් සිදු කිරීමට අපේක්‍ෂිත කාර්ය භාරය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

    මෙමගින් අරමුණු කෙරෙනුයේ පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් නොව, ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගැනීමක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජාතික සංවර්ධන කාර්යයන් සඳහා පළාත් සභා සම්බන්ධ කරගැනීම ප්‍රතිපත්තිමය වශයෙන් අගය කරන බව ප්‍රධාන ඇමතිවරු පැවසූහ. අනෙකුත් ප්‍රධාන ඇමතිවරුන් සමඟ ද සාකච්ඡා කොට මේ පිළිබද යෝජනාවලියක් කඩිනමින් ඉදිරිපත් කරන බව ද ඔව්හු පැවසූහ.

    ඒ යෝජනාවලියට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අවකාශ ඇති බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya