ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට ජනපති අතින් මුල්ගල් තැබේ

    ජනවාරි 04, 2017
    මෙරට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටිය, ලබුයාය, මහනුගලන්දවත්ත ප‍්‍රදේශයේ ඉදිකෙරන වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල් තැබීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ සිදු විය.
     
    ඉකුත් මැතිවරණ සමයේ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුවකට අනුව ඉදිකෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් වසර දෙක හමාරක් තුළ අවසන් කිරීමට නියමිත අතර ජර්මන් රජය විසින් ඒ සඳහා සිදුකර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 26.5 කි.
     
    මෙම ව්‍යාපෘතිය මගින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුවක් ලබාදීමට ද නියමිතය. එමඟින් තරුණ තරුණියන් සඳහා ඍජු රැකියා 3000 ක් ද වක‍්‍ර රැකියා අවස්ථා 10,000 ක් ද උදා වනු ඇත.
     
    අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද, වෙස්ටන් ඔටෝමෝබයිල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රීසා රවුෆ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya