ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    තිරසර යුගයක තෙවසර ඇරඹේ

    ජනවාරි 08, 2017

    තිරසර යුගයක තෙවසර ඇරඹුම සමාරම්භ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහ අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු  යන මහත්වරැන්ගේ සහභාගීත්වයෙන් අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ සම්මුතීන්ට හා එකඟතාවයන්ට වඩා ආධ්‍යාත්මක බැදීමක් බවත් කලාපය තුළ අනෙකුත් රටවල්, යුරෝපය හා  අරාබි රාජ්‍යයන් සමඟත් අප අලුත් ආණ්ඩුවක් විදිහට මිත්‍රත්වය ගොඩනගා ගෙන තිබෙන බවත් පැවසීය. මේ වසර දුගී බවින් නිදහස් විය යුතු වසරයි. මේ සදහා තිරසර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවන අතර දුගීබව නැති කිරීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරන බවත් ආහාර, අධ්‍යාපනය,සෞඛ්‍ය අංශ එහි මුලික අංග බවත් ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

    අප සැම විටම කථා කරන දුගී බවින් නිදහස් වීම සඳහා තරැණ පරපුරට මඟ පෙන්වීම, සම්පත් ලබා දීම හා කළමනාකරණය කළ යුතු අතර  සාමුහිකව සැවෙම එක්විය යුතුයි. ඒ සදහා ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරය ආරම්භ කරනවා. නව තාක්ෂණය ,වෙළඳ පොළ ආර්ථිකය, සමාජ ආර්ථිකය අපට අවශ්‍යයි  කෘෂි කර්මාන්තය නැංවීම අවශ්‍යයි .ඒ සඳහා පුළුල් පෙරලියක් කරන්න අවශ්‍යයි. ඒ යටතේ කුඩා වැව් සංවර්ධන කිරීමටත් බලාපොරොත්තු වෙනවා යයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    අපි තීන්දු ගන්නේ යහපත සඳහා බවත් කවුරැවත් සිතා සිටින ආකාරයට ආණ්ඩුව පෙරලන්න බැරි බවත් ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , සංවර්ධනය සඳහා යන ගමන අපි යනවා. මඟ නතරවී නැහැ. වැටෙන්නේ නැතිව යන්නයි අපට තියෙන්නේ යයි පැවසීය.

    එමෙන්ම කොළඹ, හම්බන්තොට මෙන්ම ත්‍රිකුණාමලය ද සංවර්ධනය කිරීමට හැකිවී තිබෙන බව පැවසීය.  තවදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා  ජනතාව අතර ඇති ආකල්ප වෙනස් කරන ලෙසත් රටේ සාමය, සංවර්ධනය හා සංහිදියාව ඇති කිරීමට එක් වන ලෙසද ඉල්ලීමක් කලේය.   

    මෙහිදී  ගම්මාන 15000 ක් නගා සිටුවීමේ ශ්‍රම ශක්ති වැඩ සටහනෙහි ශ්‍රම ශක්ති වෙබි අඩවිය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණී.

    මෙහිදී පසුගිය දෙවසර තුළ පුවත්පත්වල පළවු කාටුන් ප්‍රදර්ශණයක්ද පැවැත්විණි.

    AP

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya