ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    නියඟයෙන් පීඩාවට පත්වන ජනතාව සඳහා සහන සැළසීමට ති‍්‍රවිධ හමුදා සහය ලබා ගැනීමට ජනපති උපදෙස්

    ජනවාරි 13, 2017

    නියඟයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා රාජ්‍ය නිලධාරින්ට අමතරව ති‍්‍රවිධ හමුදාවේ ද සහය ලබා ගැනීමට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨයේ පැවති ගුවන් හමුදා කැඩෙට් නිලධාරින් අධිකාරියට පත්වීමේ සහ ආධුනිකයින්ගේ විසිරයාමේ උළෙලට එක් වෙමිනි.

     

    එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ  රටේ ජාතික ආරක්ෂාවට අදාළව මෙන්ම ජනතාවගේ දුක් කම්කටොළු හමුවේ ඔවුන්ට සහන සැළසීම සඳහා අපගේ ති‍්‍රවිධ හමුදාව ඉටු කරන මෙහෙවර ඉතා විශිෂ්ට බවයි.

     

    රටේ සේනාධිනායකයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමා විරෝදාර රණවිරුවන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාවට ලබා දී ඇති සම්පත් තව තවත් වැඩිදියුණු කරමින් හෙට දවසේ අභියෝග ජය ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය ශිල්පීය ඥානය සහ තාක්ෂණික දැනුම නොඅඩුව ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ද කියා සිටියේය.

     

    අද පෙරවරුවේ ති‍්‍රකුණාමල චීන වරාය විද්‍යාපීඨය වෙත ගිය ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ගුවන් හමුදා ප‍්‍රධානින් විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ආචාර පුදකරමින් උත්තමාචාර පෙළපාළියක් ද පැවැත්විණි.

     

    "සුරකිමු ලකඹර, තේමාව යටතේ නිල් ගුවන සුරකින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යයට උරදීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සාමාජික, සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 56 වන කැඩෙට් නිලධාරි පාඨමාලාව හා අංක 08 වන කැඩෙට් නිලධාරිණි පාඨමාලාව හැදෑරූ නිලධාරී, නිළධාරිණියන් අධිකාරියට පත් කිරීම, 84 වන පියාසර කැඩෙට් නිළධාරී පාඨාමාලව හැදෑරූ කැඩෙට් නිළධාරින් හට පියාසර නිල ලාංඡුන පැළඳවීම සහ අංක 162 වන නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 32 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදෑරූ ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් විසිරයාමේ පෙළපාළිය මෙලෙස පැවැත්විණි.

     

    මෙම පාඨමාලාවන්හි සුවිශේෂි දක්ෂතා දැක්වූ කැඩෙට් නිළධාරි නිළධාරිණියන් හා ආධුනික ගුවන් භට, ගුවන් කාන්තාවන් හට විශේෂ සම්මාන ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    අභිමානවත් අයුරින් පැවැත්වුණු ගුවන් හමුදා සංදර්ශනයකින්, විචිත‍්‍ර සරඹ සංදර්ශනයකින් සහ පැරෂුට් සංදර්ශනවලින් ද මෙම උළෙල වර්ණවත් විය.


    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පී.ඞී.කේ.ටී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya