ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මත රජයක් ලෙස ඉටුකළයුතු සියලු යුතුකම් ඉටුකිරීමට කැපවනවා - ජනපති

    පෙබරවාරි 04, 2017

    ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මඟපෙන්වීම තුළ රාජ්‍ය පාලනයත්, සංවර්ධන වැඩපිළිවෙළත් අනෙකුත් පොදු මහජන සේවාවනුත් ඉටුකරනවා සේම ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසන ඇතුව රජයක් ලෙස ඉටුකළයුතු සියලු යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට ඉදිරියටත් කැපවන බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කෙළේ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) පස්වරුවේ එක්වෙමිනි.

     

    කොළඹ 05, නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක 566 දරණ ස්ථානයේ ඉදිකොට ඇති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය, නිකායේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සහ දේශ දේශාන්තරයන්හි පවත්වන ධර්මඳුත සේවා කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් දායක සභාවේ සහය ඇතුව ඉදිකර තිබේ.

     

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙරට බෞද්ධ සංස්කෘතිය සහ ඉතිහාසය අධ්‍යයනය කරන විට ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය ශාසනික, සමාජයීය සහ ජාතික වශයෙන් ඉටුකර ඇති උතුම් මෙහෙවර ලොවපුරා බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවයට පාත‍්‍රවී ඇති බවයි.

     

    රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමිපාණන් වහන්සේ අද දවසේ ඉටු කරන ශාසනික සහ සමාජයීය මෙහෙවරද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මත ති‍්‍රපිටක අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමේ කටයුතු ද ඉදිරියේ දී කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    1863 වසරේදී අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රසභවර ඤාණසාමී නායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය වරාපිටියේ සිරිසුමිත්ත නායක ස්වාමින් වහන්සේ යන මහා යතිවරයාණන් වහන්සේලාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ලේ විජයානන්ද පිරිවෙන මධ්‍යස්ථානය මුල් කොට ගෙන ගිං ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී සිදු කරන ලද ප‍්‍රථම උපසම්පදා මහා විනය කර්මයෙන් පසු ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය ඇරඹිණි.

    ශී‍්‍ර ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ සිදුවූ මෙම කීර්තිමත් අධි සීල උපසම්පදා විනය කර්මයේ සිට අද දක්වා සසුන් දිවියට පිළිපත් සංඝ සාමාජික සංඛ්‍යාව අති විශාල වන අතර ධර්මධර, විනයධර, ප‍්‍රතිපත්තිගරුක මහා සඟ රුවන මේ වන විටත් සංඝ සභා කොට්ඨාශ 47 කට අනුගතව ශාසනික සේවාවේ නිරතව සිටි.

    ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක ස්වාමින් වහන්සේ, කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, අමාත්‍යවරුන්වන විජයදාස රාජපක්ෂ, දයා ගමගේ, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ආසන සංවිධායක කේසරලාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු දායක සභාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya