ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රජය ලබාගත් ණය පිළිබඳව මහ බැංකු වාර්තාවේ නිවැරදිව දැක්වෙනවා

    ජූනි 20, 2014

    රජය ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය පිළිබඳව නිවැරදි තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ නිවැරදිව සටහන් කර ඇති බව රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    රාජ්‍ය ණය පිළිබඳව විපක්ෂය ප්‍රකාශ කරන ඉලක්කම් නිවැරදිව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇති බව කී දිසානායක මහතා දේශපාලන වාසි තකා අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස විරුද්ධ පක්ෂයෙන් ඉල්ලා සිටි අතර ලබාගත් ණය පිළිබඳව වසං කිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවත් පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදී ය.


    ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 179 පිටුවේ රාජ්‍ය ණය පිළිබඳ ව සම්පූර්ණයෙන් නිවැරදිව සටහන් කර තිබෙනවා. එසේ තිබියදී අසත්‍ය ප්‍රකාශ කිරීම සුදුසු නැති බවත් ණය උගුලකට රට ගෙදුරු වෙමින් පවතින නිසා රජය ලබා ගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන බවට එජාප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය.


    ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත වසන් කිරීමට උත්සාහ කර නැති බවත් රටේ සේවා ආර්ථිකයේ වර්ධනයක් වී ඇති අතර ආර්ථික වර්ධනයත් සමග දරිද්‍රතාවද 15% සිට 9% දක්වා අඩුවී ඇතැයිද කීය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya