ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතිය ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    පෙබරවාරි 06, 2017

    මෙරට සීග‍්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතිය අද සිට ලබන 12 වනදා දක්වා දිවයින පුරා කි‍්‍රයාත්මක කෙරේ.

    එහි සමාරම්භය සනිටුහන් කරමින් කී‍්‍රඩා හා ශරීර සුවතා වැඩසටහනක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්විණි. ඉන් අනතුරුව පැවති සුවතා පා ගමනට ද ජනාධිපතිතුමා එක් විය.

    මේ හා සමගාමීව සියලු රාජ්‍ය ආයතනවල ද වැඩසටහන කි‍්‍රයාත්මක කෙරිණි.

    “සුවය, සතුට ජයග‍්‍රහණය සඳහා කී‍්‍රඩාව” යන්න මෙවර කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතියේ තේමාව වන අතර මෙම සතිය තුළ ඒ පිළිබඳ විවිධ සංවාද, ප‍්‍රකාශන , දේශන, බැනර් කටවුට් ප‍්‍රදර්ශනය වැනි වැඩසටහන් හරහා සියලු ජන කොටස් දැනුවත් කිරීම සිදු කෙරේ.

    කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන රාජ්‍ය, සංස්ථා නිලධාරින්ගේ දිනය ලෙස අද දිනය නම් කර තිබු අතර, හෙට දින කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන පෞද්ගලික සේවා දිනය ලෙසද, පෙබරවාරි 08 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ළමා හා මාතෘ දිනය ලෙසද, පෙබරවාරි 09 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වනිතා දිනය ලෙසද, පෙබරවාරි 10 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වැඩිහිටි හා ආබාධ සහිතවුවන් සඳහා වූ දිනය ලෙසද, පෙබරවාරි 11 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන තරුණ දිනය ලෙසද, පෙබවාරි 12 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ප‍්‍රජා සහභාගීත්ව දිනය ලෙසද නම් කර තිබේ.

    කී‍්‍රඩාව තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ ලබා ගැනීමට හැකිවන පරිදි කී‍්‍රඩාශීලි සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කිරීම ද මෙම වැඩසටහනේ ප‍්‍රමුඛ අරමුණකි.

    කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසනායක යන මහත්වරුන් ද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය මණඩලය වැඩසටහනට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya