ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ආයෝජකයින්ට රටට පැමිණෙන ලෙස ආරාධනා කරනවා - සමබර සංවර්ධනයක් සිදු කිරීමට කටයුතු කරනවා

    පෙබරවාරි 08, 2017

    ආයෝජකයින්ට රටට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් ඔවුන්ට විවිධ සහන ලබා දී තිබෙන බවත් රටේ සෑම කොනකම සමබර සංවර්ධනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (08) පාර්ලිමේන්තුවේ දී  ,රේගු ආඥාපනත යටතේ යෝජනාව, විශේෂ වෙලඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය, සුරබදු ආඥාපනත යටතේ නිවේදනය පිළිබඳව විවාදයේ දී අඳහස් දක්වමිනි.

     

    විදේශ ආයෝජකයින් මෙරට ආයෝජනය කිරිමේදී ඉඩම් සම්බන්ධව තිබෙන බාධාව අපි ඉවත් කරනවා.ඒ අනුව නව බද්දකට අනුව ඉඩම් ලබා ගන්න පුළුවන්.ඩියුටි ෆ්‍රි සාප්පු වලින් ලබා ගනු ලබන මත්පැන් වල බදු ප්‍රමාණය නිවැරදි කිරිමක් කර තිබෙනවා.ඒ අනුව සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කරගන්න පුළුවන් වෙලා තිබෙනවා.අපේ රටට අපේ රටට නව ආදායම් අවශ්‍යයි. ඒත් ජනතාවට බරක් නොවන ඒවා අපි උපයනවා.හැමවිටම  අපි අත්‍යාවශ්‍ය ඒවාට වඩා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වලට තමයි බදු පනවන්නේ.ඒ නිසා අපි ගැන විස්වාසයක් තබා ගන්න .වැටුණු ආර්ථිකය දැන් අපි හරි ගස්සාගෙන යනවා. මාර්ග අධ්‍යාපනය,සෞඛ්‍ය දියුණු කරනවා.

    ඒ වගේම අපි දුගී දුප්පත්කම අඩු කරන්න කටයුත කර තිබෙනවා.මේ වෙලාවේ අපි ආයෝජකයින්ට ආරාධනාවක් කරනවා, රටට එන්න කියලා. අපි ඔවුන්ට විවිධ සහන ලබා දී තිබෙනවා.ශ්‍රීලන්කන් ආයතනයේ වූ මූළ්‍යමය පාඩුව අපි දැන් අඩු කරගෙන යනවා.අපි මූල්‍ය විනයක් ඇතිවයි කටයුතු කරන්නේ.රටේ සෑම කොනකම සමබරව සංවර්ධනය කරන්නයි අපි කටයුතු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya