ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ විවෘත කිරීම් දෙකක්

    පෙබරවාරි 21, 2017

    ඇල්පිටිය, අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ ඉදිකරන ලද, සොක් ඉන් වොන් මහ නාහිමි සහ තලල්ලේ ධම්මාලෝක අනුනාහිමි ධර්ම මන්දිරය සහ දෙමහල් ධර්ම ශාලා මන්දිරය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (20) විවෘත කෙරිණි.

    1896 වසරේ, දකුණුලක, බෙන්තර-වලල්ලාවිට කෝරළයට අයත්, අමුගොඩ ගම්මානයෙහි ජයසුමනාරාමය ආරම්භ කරන ලද්දේ, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ, රත්නපුර පළාත් ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමන්තේ අභයතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ විසිනි.

    එදා මෙදා තුර වසර 120 ට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති අමුගොඩ ජයසුමනාරාමය ජන ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව උදෙසා මෙන්ම ප‍්‍රදේශයේ සංවර්ධනයට ද විශාල දායකත්වයක් ලබා දී ඇත.

    මෙතෙක් විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව පැවති ධර්ම මන්දිරය, කොරියන් යක්ෂ ෂා විහාරාධිපතිව වැඩ විසූ සොක් ඉන් වොන් මහා නාහිමිපාණන් වහන්සේ ඇතුළු කොරියන් ජාතික දානපතින්ගේ පරිත්‍යාගයෙන් ඉදිකර තිබේ.

    අද පස්වරුවේ අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    ඉන් අනතුරුව විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ, එක්නැළිගොඩ පාර්ශවයේ අනුනායක මහෝපාධ්‍යාය ආචාර්ය පූජ්‍ය අමුගොඩ සෝමරතන අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

    ඉන් අනතුරුව අභිනව ධර්ම මන්දිරය සහ දෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

    විහාරයේ සීමාමාලකය ඉදිකිරීම සඳහා ධන පරිත්‍යාගය සිදු කළ තායිලන්තයේ කාස්ටර් ප‍්‍රමෝබ් නාවූ බෝල් මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කල්‍යාණිවංස මහා නිකායේ මහානායක, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නා හිමිපාණන් වහන්සේ, එක්නැළිගොඩ විහාර පාර්ශවයේ මහානායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කුරුවිට සිරි සරණංකාරභිධාන මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කොරියාවේ යක්ෂ ෂා මහා විහාරයේ බෞද්ධ බුද්ධ නිකායේ මහානායක පූජ්‍ය ආචාර්ය මියොන් ඉන් මහ නාහිමි ඇතුළු දකුණු කොරියාව, තායිලන්තය ආදි විදේශ රටවල බෞද්ධ දූත පිරිසක් ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, ගුණරත්න වීරකෝන්, බෙන්තර-ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක සහ ජයසුමනාරාම දායක සභාවේ සභාපති අමිල කර්ෂණ කාරියවසම් මහතා ඇතුළු දායක සභාව සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya