ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව තුළ කව්පි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

    පෙබරවාරි 22, 2017

    ශ්‍රී ලංකාව තුළ කව්පි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බවත් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙන වගාවක් ලෙස කව්පි වගාව හඳුනාගෙන ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ඒ අනුව කව්පි හෙක්ටයර් 10,700ක් වගාකිරීමට කටයුතු කරන් අබවත්  කව්පි මෙක්ට්‍රික් ටොන් 15,000ක නිෂ්පාදනයක් ලබාගැනීමට බලාපොරොත්තුවන බවද කව්පි වගාව සඳහා නව ප්‍රදේශ හඳුන්වා දීම, නිර්දේශිත විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් කව්පි වගාව ප්‍රචලිත කරන බවද අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya