ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මීතොටමුල්ල ඛේදවාචකය දේශපාලන මණ්ඩපයක් කරගෙන දේශපාලන වාසි ගන්න එපා

    අප්‍රේල් 28, 2017

    මීතොටමුල්ල ඛේදවාචකය දේශපාලන මණ්ඩපයක් කරගෙන දේශපාලන වාසි නොගන්නැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (28) මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    එකිනෙකාට බැනගෙන වැඩක් නෑ, මීතොටමුල්ල ඛේදවාචකය දේශපාලන මණ්ඩපයක් කරගන්න හැදුවා. දේශපාලන වාසි ගන්න එපා. ජනතාවට උදව් කිරීම් යට යනවා. මෙ කුණු ගැන කතා කළ විලාශයත්  හරිම කුණුයි. කොළඹ මහනගරසභාව,බස්නාහිර පළාත් සභාව මේ සම්බන්ධයෙන් වගකීමෙන් වැඩි පංගුවක් දරන්න ඕන.

    මම පළාත් පාලන ඇමැතිවරයා ලෙස පාර දෙපස කුණු එකතු වෙනව දකින්න බෑ. කුණු එකතු කිරීමට වයසක උදවිය යොද ගන්න එපා. කුණු එකතු කරනකොට ප්‍රභේද කර එකතු කළේ නෑ. දූෂණ සිදු වෙලා. මේ පිටුපස දේශපාලඥයින් වගකිව යුතුයි.කුණු කියන්නේ දේශපාලන ගැටළුවක් නොවේ. කියන්න බෑ කුණු දාන්න එපා කියලා.  සමහරු ඇඟිල්ල දිගු කරනවා ආණ්ඩුව වැරදි කියලා. ඇඟිල්ල දිගු කරන දේශපාලනය කරන්න එපා.

    මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා බලා උපලේඛනයේ සඳහන් අත්‍යාවශ්‍ය සේවාවක් හැටියට මේ ප්‍රකාශනය ඉදිරිපත් කරනවා. අපිට කාටවත් දඬුවම් කරන්න අවශ්‍ය නෑ. රජයට එරෙහි විරෝධතාවන් මර්දනය කරන්න අවශ්‍ය නෑ. සමහර දේශපාලඥයන් තමන්ගේ පුද්ගලික  වුවමනාවට මේක වැළැක්වූවා.  කුණු ප්‍රතිචක්‍රීයකරණය කළ ලස්සන නගර තිබෙනවා. අපි ජනතාව තුළ හැඟීමක් ඇති කරන්න ඕන තවදුරටත් අපවිත්‍ර නොකිරීමට.මිනිස්සුන්ගේ මරණය ගැන වගකීම බාරගත යුතුයි. ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් කණගාටු වෙනවා. මෙය ජාතික ගැටළුවක් ලෙස දකින්න යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya