ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධි විධාන)පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    මැයි 03, 2017

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත් කෙටුම්පත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් සභාව වෙත පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේ, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙනුවෙනි.

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත් කෙටුම්පත, 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියපදිංචි කිරීමේ පනතේ ඇතැම් නියමවලින් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තන් නිදහස් කිරීම සඳහා විශේෂ විධිවිධාන සැළැස්වීම පිණිස ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරණා සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya