ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අහිංසක මිනිසුන් පීඩාවට පත්වෙනවා - වර්ජනය පැත්තක තබා සාකච්ඡාවට යමු

    මැයි 04, 2017

    වර්ජනය කිරීම තුළින් අහිංසක මිනිසුන් පීඩාවට පත් වන බවත් මේ රටේ ජනතාව ගැන, රට ගැන හිතලා වර්ජනය පැත්තක තබා සාකච්ඡාවට යමු යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මේ රජය බලයට පත් වෙනකොට එක පක්ෂයකට නිසි බලයක් ලැබුණේ නෑ. ඒ නිසා ජාතික ආණ්ඩුවක් නිර්මාණය වුණේ. රජය තුළ විශාල අභියෝග රාශියක් තිබෙනවා. රට ඉදිරියට ගෙන යන අභියෝගය. කාලගුණික බාධා. නියං සහනාධාර සඳහා මුදල් වෙන් කර තිබෙනවා. මීතොටමුල්ල, සිදුවීම, මෙවැනි සිදුවීම් අතරේ රට ඉදිරියට යන්නේ. විවේචන කරන්න ඕන රටක් ලෙස එකට යෑමේ අවශ්‍යතාවය පවතිනවා.

     

    අපට දේශපාලනය කරන්න රටක් ඉතුරු වෙන්න ඕන. රට ණය වෙලා, ජාත්‍යන්තරයේ කොන් වෙලා දේශපාලනය කරලා වැඩක් නෑ.අපි කරන කාර්යයන් මඟින් රටට සෙතක් හෝ අයහපතක් වනවා ද කියලා බලන්න ඕන. වර්ජනවලින් රටට හොඳක් ද වෙන්නේ. තමන්ගේ අයිතිය දිනා ගැනීමට වර්ජනය කරනවා. වර්ජනයක් කරන්න ඔන  අවසානයේ. රජයේ අවධානය දිනා ගන්න විරෝධතා දක්වනවා. සුළු කාරණාවලටත් විරෝධතාවලට පාර හරස් කරනවා. අහිංසක මිනිසුන්ට කොයිතරම් පාඩු වෙනව ද?

     

    මේ තත්ත්වයෙන් අහිංසක මිනිස්සු පීඩනයට පත් වෙනවා. මෙයින් වෘත්තීය සමිති සතුටු වෙනවා නම් එය කාළකණ්නි සතුටක්.මිනිසුන්ට හිංසා වෙන්න දෙන්න බෑ.හෙට දිනය වර්ජයක් තියෙනවලු. දෙපැත්තෙම අඩුපාඩු තිබෙනවා.ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට මැදිහත්වීම කළ යුතුයි. මේ වර්ජනය තුළින් රිදෙන්නේ කාටද? මේ රටේ ජනතාව ගැන රට ගැන හිතලා වර්ජනය පැත්තකට තියලා සාකච්ඡාවට යමු.

     

    සෞඛ්‍ය වර්ජනයෙන් කාටද පාඩු වෙන්නේ? පාඩුව අහිංසක මිනිසුන්ටයි. වර්ජන නිසා මිනිසුන් දීර්ඝකාලීන රෝගීන් වෙනවා. අහිංසක මිනිසුන් තමයි මින් පීඩාවට පත් වෙන්නේ. මෙවැනි කඩාකප්පල් කිරීම් දිගින් දිගටම සිදුවන කොට ආයෝජන එන්නේ නැති වෙනවා.ඉන් සතුටුවෙන්න පුළුවන් දේශපාලඥයකු ඉන්නවද? පීඩාවට පත් වෙන්නේ අපේ රටේ මිනිස්සුයි. මෙයට අපි හැමෝටම වගකියන්න වෙයි දවසක.

    යුරෝපා මත්ස්‍ය තහනම් ඉවත් කර ගත්තා. රජය පිළිබඳ ලෝකයේ විශ්වාසය දිනාගත් නිසයි එය ලැබුණේ.කිසිම කොන්දේශියකට යටත් නොවී ජී.එස්.පී. සහනය ලබාගැනීමට හැකි වුණා.මේව සුළුපටු ජයග්‍රහන නොවේ.අපි රට විකුණන්නේ නෑ. මේ රටේ කිසිදු දේපළක් කිසිදු රටකට විකුණන්න ඉඩ දෙන්නේ නෑ. ඒ යුගය අවසන් කර තිබෙන්නේ. එය ඉතාමත් වගකීමේන් කියනවා. එහෙත් අපි ආයෝජන ගෙන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya