ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජරට ස්වර්ණ සම්මාන උළෙල - 2017

    මැයි 07, 2017

    උතුරු මැද පළාත තුළ විවිධ ක්ෂේත්‍රයන්හි හා විවිධ කාර්යන්වල නිරතවෙමින් මානව සමාජයේ උන්නතිය උදෙසා විශිෂ්ට ලෙස අද්විතීය සේවාවක් කළ පුද්ගලයින් ඇගයීමට ලක් කරනු වස් සංවිධානය කෙරෙන ,රජ රට සම්මාන උළෙල - 2017, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුරයේදී පැවැත්විණි.

    සාහිත්‍ය කලා, සමාජ සේවා, ක්‍රීඩා, පාරම්පරික වෙදකම, වෘත්තීවේදී, පාරම්පරික  ශිල්පකලා, නව නිපැයුම් ආදී ක්ෂේත්‍ර 10 ක් ඇගයීමට ලක් කරමින් අනුස්මරණ සම්මාන 06 ක් ඇතුළු සම්මාන 28 ක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අපවත් වී වදාළ දිඹුලාගල රජමහා විහාරාධිපති පූජ්‍ය කිතලගම ශ්‍රී සීලාලංකාර නායක ස්වාමින් වහන්සේ, නැසීගිය ප්‍රවීණ ගීත රචක ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, නැසිගීය ප්‍රවීණ ගී පද රචක අධිනිතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න, නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ, නැසිගිය ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ධම්මික සිරිවර්ධන, නැසීගිය ප්‍රවීණ ක්‍රීඩා උපදේශක කුමුදු කුමාර සිල්වා යන මහත්වරුන් වෙනුවෙන් මෙහිදී අනුස්මරණ ස්වර්ණ සම්මාන පිරිනැමිණි.

    උතුරු මැද ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

    අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, පී. හැරිසන්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ පළාතේ මැති ඇමතිවරු සහ  සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya