ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අගමැති චීනයේ බෙයිජිං නුවරට ළඟා වෙයි

    මැයි 13, 2017

    බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් චීනයේ බෙයිජිං නුවරට ළඟා විය.

     “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවේ සමාරම්භක උත්සවය හෙට (14) දින පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත ය.

    මෙම සමුළුව අතරතුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං (XI Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ක’චියාන් (Li Keqiang) යන මහත්වරුන් ඇතුලු සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු ද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

     

    චීනයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුලු ශ්‍රී ලංකා දූත පිරිස බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබූයේ බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ඡෙංයු (Li Changyou) මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) මහතා, එම මහත්මිය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ඇතුලූ තානාපති කාර්යාලීය නිලධාරීන් පිරිසක් විසිනි.

     

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා සාවිත්‍රි පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂිකා මදාරා ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya