ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සංස්කෘතික සංදර්ශනය ශ්‍රී ලංකා සහ නේපාල ජනපතිවරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන්

    මැයි 13, 2017

    එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව නිමිත්තෙන් සංස්කෘතික සංදර්ශනයක් අද (13) පස්වරුවේ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී මහත්මියගේ ප්‍ර‍ධානත්වයෙන් මෙම සංස්කෘතික සංදර්ශනය ආරම්භ කෙරිණි.

     

    ශ්‍රී ලාංකීය නර්තන සංදර්ශන ඇතුළු චීනය, වියට්නාම් සහ ඉන්දීය නර්තන අංග රැසකින් මෙම සංස්කෘතික සංදර්ශනය සමන්විතය විය.

     

    මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය මහතා, අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    ලෝක බෞද්ධ සමුළුව සඳහා මෙරට පැමිණි විදේශීය නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya