ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මන්නාරම අවතැන්වූන්ගේ ගැටළු සෙවීමට විශේෂ කමිටුවක්

    මැයි 17, 2017
    මන්නාරම දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන්වූවන් සහ එම ප‍්‍රදේශයේ පදිංචිකර ඇති අවතැන්වූවන්ගේ ගැටළු සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
     
    මුස්ලිම් නියෝජිත පිරිසක් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    මෙම ප‍්‍රදේශයේ ජනතාව යම් ගැටළුවලට මුහුණ දී ඇත්නම් ඒවා විසඳා ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්  කෙරිණි.
     
    මෙම ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර එහි වාර්තාව මාසයක් ඇතුළත ලබාදිය යුතු බවද සඳහන් කෙරිණි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya