ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ ස්ථාවරය සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය යුතුයි

    මැයි 23, 2017

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ ස්ථාවරය සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසී ය.


    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වසර දෙකකින් ඉක්ම ගොස් ඇති බවටත් එම මැතිවරණය කඩිනමින් නොපවත්වන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ආණ්ඩුව පැත්තෙන් සිදු කළ යුතු පියවර රාශියක් මේ වනවිට අවසන් කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා, පක්ෂ නායකයින් හැටියට මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කර තීන්දුවක් ලබාදිය යුතු බවද පැවසී ය.

    මේ සතියේ හෝ රැස් වී තීරණයක් ගෙන දැනුම් දෙමු. විවිධ පක්ෂ විවිධ අඳහස් ප්‍රකාශ කර තිබෙනවා. ඒ තීරණය තමයි දැනුම් දෙන්න තිබෙන්නේ. පක්ෂ හා කණ්ඩායම් වලින් නොවිමසා පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිෂ්ඵල කාර්යයක් බවත් මෙම සතිය ඇතුළත එම අදහස් විමසීම සිදුකළ හැකි බවත් අගමැතිවරයා පැවසීය.


    මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව රජයට ද තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා  මැතිවරණ ආඥා පනතේ 3(ඇ) වගන්තිය යටතේ නීත්‍යානුකූලව මැතිවරණය පැවැත්වීමේ කාර්යය සිදුකළ යුතු බවත් පැවසීය.

    පක්ෂවල එකඟතාවය කියන්න ඕන. අනෙක් පියවර සියල්ල අරගෙන තිබෙනවා. පළාත් පාලන ආඥා පනතේ සංශෝධන ගෙන්න තිබෙනවා. නියෝගයක් දුන්නා කියලා ක්‍රියාත්මක වෙන්නේ නෑ. එක පක්ෂයක් දෙක එකතුවෙලා, හිරවුණොත් කාලයක් යයි. මෙය එකඟතාවයකින් සිදු කරමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya