ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම වැළැක්වීම මූලික අරමුණයි - සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන )පනත් කෙටුම්පත විවාදයට

    මැයි 24, 2017

    යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම වැළැක්වීම මූලික අරමුණ වෙමින් සුවිශේෂී වෙනස්කම් රැසක් සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනතින් ලැබෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන )පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    නඩු විසඳීම සඳහා දීර්ග කාලයක් ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබුණා. මෙය ගැඹුරින් හදාරා,නඩු විසඳීමේ කාලය අවම කිරීමට පියවර රාශියක් ගෙන තිබෙනවා.සිවිල් අධිකරණ නඩු ක්‍රියාවලිය ඉක්මනින් විමසීමට නීති ප්‍රතිපත්තිමය රමුවක් බවට මෙය පත් වන බවද අමාත්‍යවරයා පැවසී ය.

    2016 වසරේ දෙසැම්බර් 31 දිනට නඩු 7,45,888ක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. වැඩි  නඩු ප්‍රමාණයක් තිබෙන්නේ මහේස්ත්‍රාත් අධිකාරණයෙයි. එය 5,39392ක් බව අමාත්‍යවරයා පැවසීය. නිසි ක්‍රමවේද  ක්‍රියාත්මක නොවීම නිසා අධිකාරවල කාලය ගත වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    සිවිල් අධිකරණවලත් දෙපාර්ශව අතර සුහඳතාවය වර්ධනය කරන සමථකරණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය ඉදිරියේ දී සාර්ථක ක්‍රමයක් වේවි. දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම මඟින් මූලික සාක්ෂි සඳහා යන කාලය අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya