ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකර සියලු පුරාවිද්‍යා තනතුරුවලට විධිමත් ලෙස බඳවා ගන්නවා

    මැයි 24, 2017

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරන බවත් පුරප්පාඩු වී ඇති සියලු පුරාවිද්‍යා තනතුරුවලට විධිමත් ලෙස බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවයසම් මහතා අද (24)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර දැනටමත් විධිමත් වැඩසටහනක් ක්‍රියාතමක කර තිබෙන බව පැවසී ය.

    පුරාවිද්‍යා ස්ථාන 430 විනාශ වී නෑ. ස්ථාන 430ක් ස්ථාන හඳුනාගෙන තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියයට 80%ක් නිලධාරීන් නෑ. නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කරනවා.

    දැන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. නිලධාරීන් කැඳවා තිබෙනවා.ඊට අවශ්‍ය අරමුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දෙන්න එකඟ වී තිබෙනවා.

    යුද්ධය අවසන් වෙලත් වසර ගණනාවක් ගිහිල්ලත් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගන්න කටයුතු කර තිබුණේ නෑ. සිද්ධි ඇතිවී තිබෙන බොහො තැන්වල මේවා නිසි ලෙස මායිම්  කරලා නෑ.

    නව අධ්‍යක්ෂවරයෙකු පත් කරගෙන පුරප්පාඩු වී ඇති සියලු පුරාවිද්‍යා තනතුරු විධිමත් ලෙස බඳවාගෙන විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya