ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආයතන බෙදා දීම විද්‍යාත්මක පදනමක් මත ජනතා අපේක්ෂා ඉටුවන විනිවිදභාවයක් ඇතිවන ආකාරයට සිදු කරනවා

    මැයි 25, 2017

    අමාත්‍යාංශ යටතේ පවතින ආයතන බෙදා දීම විද්‍යාත්මක පදනමක් මත සිදු කෙරෙන බවත් ආයතන ලබාදීමේ දී ජනතා අපේක්ෂා ඉටුවන විනිවිදභාවයක් ඇතිවන ආකාරයට සිදු කෙරෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ඉඩම් අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා, කිසිදු ආකාරයක ඉල්ලීමක් ජනාධිපතිතුමාගෙන් ලිඛිතව හෝ වාචිකව ඉල්ලා නැහැ.මෙය අසත්‍ය පුවතක්. මෙවැනි ප්‍රවෘත්ති පළ වීම රජයට හානියක්.

    අමාත්‍යාංශ යටතේ පවතින ආයතන බෙදා දීම විද්‍යාත්මක පදනමක් මත බෙදාදීමට ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා.අමාත්‍යාංශවලට ගැළපෙන ආකාරයට ලබාදෙනවා. ඉදිරියේ දී අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා ඉදිරියේ දී ගැසට් පත්‍රය නිකුත් කරලා අවශ්‍ය කටයුතු සිදු කරයි. අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ලබාදීමේ දී ජනතා අපේක්ෂා ඉටුවන විනිවිදභාවයක් ඇතිවන ආකාරයට සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya