ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රැකියා අවස්ථා නිර්මාණය කොට ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි

    මැයි 25, 2017

    රජය රැකියා අවස්ථා නිර්මාණය කොට ජනතාවගේ ආදායම ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති රැසක් ආරම්භ කොට ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඌව පළාතේ ආරම්භ කිරීමට නියමිත සීනි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මෙම ව්‍යාපෘතිය මඟින් එක් ගොවි පවුලකට හෙක්ටයාර දෙක බැගින් උක් වගා කිරීමේ අවස්ථාව ලැබෙනවා.ඒමඟින් එක් පවුලක් සඳහා වාර්ෂිකව ලැබෙන ආදායම ලක්ෂ 09 ඉක්මවනවා.

    මෙම කර්මාන්තශාලාව මඟින් පවුල් 10,000කගේ ජීවන තත්ත්ව්ය උසස් කිරීමට හැකි වෙනවා.මෙමඟින් සෘජු හා වක්‍ර රැකියා රාශියක් හිමිවෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 40,000ක් වෙන්කොට තිබෙනවා.2006 හා 2009 වසරවලත් මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සැළසුම් කර තිබුණේ.ඊටත් වඩා විධිමත්ව මෙවර එය සිදු කිරීම අරමුණයි  යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya