ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පුරප්පාඩු 1725ක් - ග්‍රාම නිලධාරී තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරනවා

    ජූනි 07, 2017

    පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරී තනතුරු සඳහා වහාම බඳවා ගැනීම් සිදු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


    ග්‍රාම නලධාරී සේවය සඳහා විශ්‍රාමලත් නිලධාරීන් නැවත බඳවා ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් නගමින් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරය අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.


    ග්‍රාම නිලධාරී සේවයේ මේ වනවිට පුරප්පාඩු 1725ක් පවතිනවා. සැප්තැම්බර් මස විභාගය පැවැත්වූවා. පෙබරවාරී මස අග ප්‍රතිඵල සූදානම් කළා. ග්‍රාම නිලධාරි සංගම්වල යෝජනාවක් තිබුණා. බඳවාගැනීමේ දී කාන්තා බඳවා ගැනීම සියයට 50%ක් කරන්න කියලා යෝජනා ගෙනවා. අපි අමාත්‍යාංශය ලෙස එකඟ වුණේ නෑ. අපි සාකච්ඡා කළා. මේ පරස්පරතාවය නිසා යම් කලක් ගියා. අපි මේ වනවිට අවසන් තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් අනුව ගන්නා ක්‍රියා පටිපාටිය තහවුරු කරලා,යවල තිබෙනවා, අදාළ අංශවලට.

    ග්‍රාමසේවා වසම් 14022කින් 5700ක් ග්‍රාමනිලධාරී වසම් ගංවතුර නිසා අපදාවට පත්වෙලා තිබෙනවා. උතුරු ප්‍රදේශවලට දැනුවත් කළා, තවදුරටත් සේවය අවශ්‍ය නම් විශ්‍රාම ලත් නිලධාරීන් සේවයේ තබා ගන්න කියලා. ගම්පහ, කෑගල්ල, ගාල්ල, විශ්‍රාම යෑමට සිටි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සේවා කාලය දීග කළා, තවත් මාස තුනකට, මේ ආපදා තත්වය යතා තත්ත්වයට පත්වෙන තුරු.

     

    ඇතැම් තැන්වල ප්‍රශ්න තිබෙන නිසා,අදාළ විශ්‍රාම යන නිලධාරියා තියාගන්න කියා තිබෙනවා. මේ නිසා සේවයට ගැටළු මතු වී නෑ. වහාම ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නවා. ඒ අනුව විශ්‍රාම නිලධාරියෙක් සේවයෙන් ඉන්නවා නම් එම සේවය ඉබේම අවසන් වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya