ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රෝහල් ප්‍රතිකාර පුළුල් කිරීමට කටයුතු කර තිබෙනවා- ඩෙංගු රෝගය වැලැක්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

    ජූනි 20, 2017

    රෝහල් ඇදන් ප්‍රමාණය වැඩි කරමින් රෝහල් ප්‍රතිකාර පුළුල් කිරීමට කටයුතු කර තිබෙන බවත් පර්යන්ත රෝහල් වෙත වෛද්‍යවරු යොමු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඩෙංගු රෝගය වැලැක්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අද (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ නිවේදනයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ඩෙංගු රෝගීන් පරික්ෂා කිරීමේ දී රුධිර පරික්ෂා වෙගවත්ව කිරීම. රාජ්‍ය ආයතනවලට නියෝග දී තිබෙනවා, තම ආයතන පරිශ්‍ර පිරිසිදු කරන්න.නිතිපතා වැඩසටහන් ක්‍රියාත්මකයි. 2009 වසරේ ඩෙංගු මරණ 349ක්. අද මරණ සංඛ්‍යාව අඩුවෙලා. ඩෙංගු වැඩිවීමට හේතුව දේශගුණික සාධකයයි.මරණ සංඛ්‍යාව අඩු කරගැනීම හැකි වී තිබෙනවා. අධි අවධානම් කොට්ඨාශ හඳුනාගෙන ඩෙංගු පරික්ෂාව සිදු කළා. ඩෙංගු පරිශ්‍ර ලක්ෂ 07ක් පරික්ෂා කළා.මේ වසරේ ඩෙංගු වෛරස කාණ්ඩ දෙක ඇවිත් තිබුණා. අලුතින් ලෑස්ති වුණා. වෙනම පාසල් ,උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන පරික්ෂා කරනවා.

    දැනටමත් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කසළ කළමනාකරණය හොඳ මට්ටමකට ඇවිත් තිබෙනවා. ගංවතුර බැස යනකොට මේ තත්ත්වය ඇති වන්නේ. බරපතල රෝගීන් වෙනුවෙන් විශේෂ කවුන්ටරයක් මඟින් රෝගීන් රෝහල්ගත කිරීමට කටයුතු කරනවා. අලුතින් දුම් ගැසීමට නිලධාරීන් 500ක් බඳවා ගෙන තිබෙනවා. පාසල් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කර තිබෙනවා.ඕස්ට්‍රලියාවේ බැක්ටෙරියාවක් සොයාගෙන තිබෙනවා.වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් මදුරුවෙන් සොයාගෙන තිබෙනවා, ඩෙංගු කීටයන් කා දමන. මේ සඳහා සෑම ක්‍රියාමාර්ගයක් ම සියලු වැඩසටහන්

    ක්‍රියාත්මක කරනවා. අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.අනෙකුත් ක්ෂේත්‍ර ඇතුළුව සියලු වැඩපිළිවෙල සිදු කරගෙන යනවා කියුබාව තුළ දැඩි නීතිවලින් ඩෙංගු පාලනය කළා.අපේ ශ්‍රම හමුදාව කැඳවාගෙන, ග්‍රාම නිලධාරි, ත්‍රිවිධ හමුදාව එකතු කරගෙන වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya