ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නිල සුනඛ අංශයට සුනඛයින් ආනයනය කිරීම අවශ්‍යයි

    ජූනි 22, 2017

    සුනඛ අභිජනන ක්‍රියාවලිය සාර්ථක වන තෙක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශයට අලුතින් සුනඛයින් ආනයනය කිරීමට අවශ්‍ය බව  නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

    නිල සුනඛ අංශයට තවත් සුනඛයින් පනහක අවශ්‍යතාවක් පවතින බව කී අමාත්‍යවරය සුනඛයින් ගෙන්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බවද පැවසී ය.

    අපරාධ පරීක්ෂණ, ප්‍රභූ ආරක්ෂාව, මත්ද්‍රව්‍ය වැටලීම්,මළසිරුරු ජඬුනාගැනීම, සැකකරුවන් හඳුනාගැනීම ආදී කටයුතු රැසක් නිල සුනඛයින් විසින් සිදු කරයි. නිල සුනඛයින් විසින් විශාල සහායක් නිලධාරීන්ට ලබාදෙන බව කී අමාත්‍යවරයා එමසේවය මිල කළ නොහැකි බව කීය. මේ වනවිට පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් 177ක් සේවයේ යෙදී සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya