ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වෛද්‍ය අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි - නිදහස් අධ්‍යාපනයේ එක අල්ප මාත්‍රයක් නැති වෙන්නේ නෑ

    ජූනි 23, 2017

    නිදහස් අධ්‍යාපනයේ පළමු දෙය අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන නිදහසයි. වෛද්‍ය  අධ්‍යාපනයේ උසස් ප්‍රමිතිය ගැන කතා කළ යුතුයි. නිදහස් අධ්‍යාපනයේ එක අල්ප මාත්‍රයක් නැති වෙන්නේ නෑ. සිසුන් අහිංසකයි.වෛද්‍ය අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. රටට අවශ්‍ය විකෘති සමාජවාදයක් නොවේ,මානව හිතවාදි සමාජවදයක් යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගෙනා සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට පිළිතුරු කතාව කරමිනි.

     

    මොකක්ද තත්ත්වය. මෙය බිහි වුණේ කොහොමද? ජී.එම්. ඕ. එක ඉල්ලුවේ ප්‍රමිතියයි. වෛද්‍ය අධ්‍යාපනයට 2009  සිට ප්‍රමිතියක් තිබුණේ නෑ. මම තමයි එය ප්‍රමිතිය කෙටුම්පත් කළේ.  මේ පනත ගෙනාවේ, දිනේෂ් ගුණවර්ධන මහතා. මම කිව්වේ රුසියානු උපාධිය දෙන්න කියලයි. අද වෛද්‍ය සභාව මෙහෙයවන්නේ දේශපාලනයයි. වෛද්‍යසභාව වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය ගැන කතා කළේ නෑ. 2015 තමයි ප්‍රමිතිය හදන්න පටන් ගත්තේ. ප්‍රමිතියක් නැති වෛද්‍ය උපාධියක් තියෙන්නේ.


    කේ. ඩී. යූ. එක පිළිගන්නේ කොහොමද?  කේ.ඩී.යූ. එකට ගඩොල් කැටයක් නැතිව පිළිගත්තේ.විශ්වවිද්‍යාල ප්‍රමිතිය පරිච්ඡෙද දෙකකින් පිළිගන්නවද? කවුද ආවේ වෛද්‍ය ශිෂ්‍යයොද?  මම ආසයි වමේ බලවේගයක්  හැදෙනවට. මිනිස්සුන්ට ඕන තෙවැනි විකල්පයක්.අපිට දුන්නේ හදපු බබෙක්. මෙහි ප්‍රමිතිය ඇති කරනවා. සයිටම් අපි ඇඩ්මිෂන් නැවැත්තුව. කැබිනට් පත්‍රිකාව ගේනවා, අපි මැනෙජ්මට් කොමිටියක් දානවා. තනි අයිතිය නෑ.රෝහල අපි  ගන්නවා. ස්ටෑන්ඩර්ඩ් ගැසට් කරනවා.  නිදහස් අධ්‍යාපනයේ එක අල්ප මාත්‍රයක් නැති වෙන්නේ  නෑ. සියලු සිසුන්ට නේවාසිකාගාර හදනවා. කුලියාපිටියේ සබරගමුවේ වෛද්‍යපීඨය හදනව. කරාපියේ සිසුන් 300ක් දක්වා  වැඩිකරනවා.හැම වෘත්තියකට වටිනාකමක් තිබෙනවා.

     

    දැන් නිදහස් සෞඛ්‍ය තියෙන්නේ. පිළිකා රෝගවලට නිකම් ප්‍රතිකාර කරන්නේ දැන්. අක්ෂි කාච රුපියල් 30,000 කාචය නොමිලේ දෙනවා.  රුධිර පරීක්ෂණයට ඕටෝ ඇනලයිසර් ලබාදුන්නා. කිසිම රෝහලක ඖෂධ අඩුද කියලා බලන්න. අද රුධිර සාම්පලයක් රෝහලෙන් ඉදිරියට ගෙනියන්න බෑ. මෙතන තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. මේවත් බලලා අපිට බනින්න.නිදහස් අධ්‍යාපනයේ පළමු දෙය අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන නිදහසයි. කන්නන්ගර මැතිතුමා කළේ, රජයේ පාසල් ශක්තිමත් කිරීමයි. අනිත් ඒවා නති කළේ නෑ. තියෙන එක නැති කිරීම නොවේ, නිදහස් අධ්‍යාපනය කියන්නේ. යථාර්තවාදීව ගහන්න.

     

    සයිටම් එක තියාගන්න එක නෙමේ ප්‍රශ්නය. අධ්‍යාපනය දීප්තිමත් වෙනවා. චිතගොන්වලට ළමයි පිටත් කරනවා. පහසුකම් තියෙනවද? නිදහස් අධ්‍යාපනය කියලා හැමදේම නිකම් දෙන්න බෑ. රටක සමාජවාදය ගොඩනගන්න නම් ලෝක සමාජවදයට ඔරොත්තු දෙන ලෙස ගොඩනගන්න ඕන. සටන්පාඨ වැඩක් නෑ. සිසුන් අහිංසකයි. කවුද පෙළපලියට එන්නේ.රැග් සීසන් එක දැන් යන්නේ. නායකයෝ මොකද කියන්නේ. නායකය එළියේ. එයා එන්නේ නෑ.  මේ අයට වුවමනා වුණේ මරණයක්. මෙයයි අවශ්‍යය.අද මාෆියාවක්. වෛද්‍ය සංගම් නායකයොත් අසරණ වෙලා. අපි ඉන්නේ ලෝක ත්ත්වය දැනගෙනයි.විකෘති සමාජවාදයක් නොවේ,මානව හිතවාදි සමාජවදයක් ගේන්න.ඒකට අපි කැමතියි.තව වෛද්‍යපීඨ ඕන. අද වෛද්‍යවරු දෙගුණයක් ඕන.ලෝකයේ කීර්තිමත් වෛද්‍යපීඨ දැම්මත් මදි.මේ වෛද්‍ය අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි.එය නිදහස් අධ්‍යාපනයක් විය යුතුයි.

     

    වෛද්‍ය විද්‍යාවේ උසස් ප්‍රමිතිය ගැන කතා කළ යුතුයි.මිනිස්සුන්ට ගරහන්න එපා.අපි ඔක්කොම එකතුවෙලා, සාධාරණ ලෙස උසස් තත්ත්වයට ගෙන ඒම රජයේ පරමාර්ථයයි.මෙහි පෞද්ගලික අරමුණු නෑ.අපි එකතුවෙලා කටයුතු කරමු. අහිංසක සිසුන් බලපෑම්වලට එන්නේයැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya