අභිනව ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ අතින් සිදු වූ අතර ජනාධිපතිතුමා විසින් අභිනව සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගැන්විණි.
අස්ගිරි මහාවිහාරයීය කාරක සංඝ සභාවේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍යපාද මැදගම ධම්මානන්ද, මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත, රංගිරි දඹුළු රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල යන නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.