ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක්

    ජූලි 17, 2017

    මධ්‍යම පළාතේ මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල සංවිධානය කළ ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මලු හා වියළි සලාක ඛෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    මධ්‍යම පළාතේ ගැබිණි මව්වරුන් දහසකට අධික ප්‍රමාණයකට මෙම වියළි සලාක හා පෝෂණ මලු ඛෙදාදීම සිදුකෙරුණු, අතර එය සංකේතවක් කරමින් ජනාධිපතිතුමා විසින් ගර්භනී මව්වරුන් වෙත වියළි සලාක හා පෝෂණ මලු ලබාදීම සිදුවිය.

    මහනුවර ජනාධිපති මන්දිරයේදි ගැබිණි මව්වරුන් උදෙසා සූදානම් කෙරුණු දිවා බෝජන සංග්‍රහයට ද ජනාධිපතිතුමා එක්විය.

    හිදිසි අනතුරකින් මියගිය සිය පුත්‍රයාගේ හදවත හදවත් සැත්කමක් වෙනුවෙන් දන් දුන් උඩුනුවර පදිංචි අයි.ජී. නන්දසේන මහතා සහ ඉන්ද්‍රා කල්‍යාණි මහත්මිය ද මෙහිදී ජනාධිපතිතුමා මුණගැසිණි.

    එහිදී ඔවුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා, සිදුකළ උදාර පරිත්‍යාගය පිළිබද සිය කෘතවේදීත්වය පළකර සිටියේය.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,  මධ්‍යම පළාත් වනිතා කටයුතු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුඑ මහත්ම මහත්මීන් මෙන්ම හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya