"සිරිසර පිවිසුම" දිස්ත්‍රීක් වැඩසටහන සදහා යොදා ගැනීමට ට්‍රැක්ටර්, බවුසර්, ටේලර් යන්ත්‍ර සහ කැබ් රථ 05 ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් ඇමතිනි ආරියවතී ගලප්පත්ති, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ත්‍රීකුණාමල විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරණ, සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක නලින් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් ද, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















