ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව විවාදය ඉල්ලුවේ ආණ්ඩුවයි - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජූලි 28, 2017

    පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත බවත් ඉතාමත් පැහැදිළිව විපක්ෂයට විවාදයක් අවශ්‍ය වුණේ නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් එල්ල කළ විරෝධය සහ සභාවේ කටයුතුවලට බාධ කිරීම හේතුවෙන් සභාව කල්තැබීමට සිදුවීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සභානායකවරය මේ බව පැවසී ය.

     

    අද පාර්ලිමේන්තුවේ දී සිදු වූ තත්ත්වය ඉතාම අවාසනාවන්තයි. මේ පිළිබඳව ඡන්දයක් ඉල්ලුවේ ආණ්ඩු පක්ෂයයි. පක්ෂ නායක රැස්වීමේ දී අප යෝජනාව දැම්මා. හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව විවාදය අපි ඉල්ලුවේ. එදා පෝර්ට් සිටි හදනකොට පාර්ලිමේන්තුවේ කතා කළේ නෑ.ඉතාම පැහැදිළියි විපක්ෂයට විවාදයක් අවශ්‍ය වුණේ නෑ.විපක්ෂය තම කාර්යභාර්ය ඉටු කළේ නෑ.

    සෙංකෝළය උත්සන් යන්න හැදුවේ. එය ආරක්ෂා කරගන්න නිලධරීන් කටයුතු කළා යැයි ද සභානායකවරයා පැවසී ය.

     

    මෙහිදී අඳහස් දැක් වූ විදුලි බල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා;මන්ත්‍රීවරු පිරිසක් කතානායයක ආසනයේ හා මහලේකම් ආසනයේ වාඩිවීම ඉතාමත් බරපතල ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක්.ඒ පිළිබඳව පැමිණිල්ලක් කරනවා.පාර්ලිමේන්තු බලය හෑල්ලු කරන්න, පාර්ලිමේන්තුවේ ශක්තිය සමාජය ඉදිරියේ හැල්ලු කරන්න,පරමාධිපත්‍ය හෑල්ලු කරන්න කටයුතු කරන්නේ.පාර්ලිමේන්තු ක්‍රමය මේ රටේ ජනතාවගේ අයිතියයි.


    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා; එදා තොරතුරු දැනගැනීමේ පනත ගේනකොට දැකගන්න ලැබුණා,අද ඒකාබද්ධ විපක්ෂයේ අය කටයුතු කළ ආකාරය. අපි විනිවිදභාවයෙන් ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නේ.ඒකාබද්ධ විපක්ෂය ඡන්දය අහද්දි පැනලා ගියා.ඇත්තට මුහුණ දෙන්න බය බව පෙන්නුවා. පාර්ලිමේන්තුවේ කටයුතු අකර්මන්‍ය කර ජනතාවගේ අඳහස් ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාව නැති වුණා. සැලසුම් සහගත ලෙස මැද්දට ඇවිත් කඩාකප්පල් කරන්න කටයුතු කළා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya