ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ බිහි වූ තාර්කිකම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමායි - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    අගෝස්තු 04, 2017

    ශ්‍රී ලංකාවේ බිහි වූ තාර්කිකම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් වසරක දේශපාලන දිවියට සුභාශිංසන පළ කිරීමේ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.


    ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා රටට ප්‍රධාන හඳුන්වාදීම් දෙකක් කළා. එකක් විවෘත ආර්ථිකය. එය සුළි කුණාටු මැදින් අදත් නොසෙල්වී සිටිනවා. අනෙක තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා.මේ වසර හතළිහ පුරාවට විවිධ අභියෝගවලට මුහුණ දෙමින් මහමෙරක් සේ නොසැලී සිටියා. විවිධ තනතුරු තානාන්තර හෙබවූවා. අග්‍රාමාත්‍යතුමා අද්දැකීම් බහුලම පරිනත රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස දකින්නට ලැබීම රටටම ආශිර්වාදයක්.

    ලෝකයේ විවිධ නායකයෙන් බිහි වූ හැටි දේශපාලන විද්‍යාවේ පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ බිහි වූ  තාර්කිකම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. දේශපාලන දිගු ගමනේ ආදර්ශමත් දේශපාලඥයත් එතුමායි. පාර්ලිමේන්තු දිවියට හතළිස්වසරක් පිරෙන මේ මොහොතේ හදවතේ ගැඹුරුම තැනින් සුබපතනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya