ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරයාට,අග්‍රාමාත්‍යවරයාට සහ රජයට සෙත්පතා පිංකම් මාලාවක්

    අගෝස්තු 06, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම හා විවෘත ආර්ථිකය මෙරට ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් දිවයිනපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 තුළම ආගමිකවැඩසටහන් මාලාවක් මේ වන විට පැවැත්වෙමින් ඇත.


    සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ආගමික වතාවත් පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට සෙත්පතා මෙම පිංකම් මාලාව සංවිධානය වෙයි.

    මෙම පිංකම් මාලාව ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක, කිරුලපන ශ්‍රි පූර්වාරාමය,නාරාහේන්පිට අභයාරාමය ඇතුළු සිව් මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පත්බේරියේ විමලාඤාණ මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර  (04) දින උදෑසන කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලා හතළිස් නමක් විෂයෙහි දානමය පිංකමක් පැවැත්වුණි.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැති පිරිත් දේශනාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, මුදල් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

    මේ අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් හින්දු ආගමික වතාවත් පැවැත්වුණි.

     අද (06) ඉරිදා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මේ නිමිතිකර ගෙන  ක්‍රිස්තියානි ආගමික වතාවත් පැවැත්වෙන අතර ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පිරිත් දේශනාවක් හා දානමය පිංකමක් පැවැත්වීමට නියමිතය.

     8 වන අඟහරුවාදා වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සර්ව ආගමික වැඩසටහන් මේ නිමිතිකොට ගෙන පැවැත්වෙයි.
    මහජනතාවට සහ රජයට සෙත්පතා එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් බෝධි පූජා වැඩසටහන් 4 ක් බැගින් පැවැත්වෙන අතර කිතුනු, හින්දු සහ මුස්ලිම් ආගමික ස්ථානවල ද ආශිර්වාදාත්මක ආගමික වැඩසටහන් පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය රනිල්
    වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම හා විවෘත ආර්ථිකය මෙරට ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් මෙම ආගමික වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya