ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නිකිණි පොහෝ දින ආගමික වැඩසටහන්වලට ජනපති එක්වෙයි

    අගෝස්තු 08, 2017
    සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ නිකිණි පොහෝ දින වැඩසටහන ඊයේ (07) පෙරවරුවේ බණ්ඩාරගම අලුත්ගම උභයවාපිකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභභාගීත්වයෙන් පැවැත්විණි.
     
    විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති  පූජ්‍ය මාවිත්තර සුමනරතන ස්වාමීන් වහන්සේ බැහැදැක, උන්වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තේය.
     
    ඉන් අනතුරුව රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සී  ස්වාමින් වහන්සේට ධර්ම දේශනය සඳහා ජනාධිපතිතුමන් විසින් ආරාධනා කළ අතර ජනාධිපතිතුමා ධර්මය ශ්‍රවණය කිරීමට ද එක්විය.
     
    අනතුරුව විහාරස්ථානයේ ස්ථාපති කරන ලද නව සූර්ය බල පද්ධතිය විවෘත කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය.
     
    මෙම ධර්ම දේශනා වැඩසටහනට  මහින්ද සමරසිංහ, අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන් ද පා.මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද ප්‍රදේශවාසී සැදැහැවත්හු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya