ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජය විනිවිදභාවයෙන් කටයුතු කරනවා - විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණය කතානායකවරයාට ගත හැකියි - අග්‍රාමාත්‍ය

    අගෝස්තු 08, 2017

    විනිවිදභාවයෙන් රජය කටයුතු කරන බවත් විදේශ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කතානායකවරයාට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරුණු මතු කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    ඔබතුමාට මේ පිළිබඳව තීරණයක් බදාදා හෝ බ්‍රාස්පතින්දා දින ලබාදිය හැකියි.  ඒකාබද්ධයෙන් යෝජනාවක් ලැබී තිබෙනවා. කතානායකතුමාට ලැබුණාට පස්සේ ඒ අනුව පක්ෂවලට තීරණය කරන්න පුළුවන්, ඊට පෙර කෑගහලා තේරුමක් නෑ. මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්නේ. ඔබතුමා තීරණයක් ලබාදෙන්න. විනිවිදභාවයෙන් මේ රජය කටයුතු කරන්නේ.

    මෙහිදී පිළිතුරු ලබාදුන් කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් ලබන බ්‍රාස්පතින්දා දින තීරණය ලබාදෙන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya