ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය නිපුණතාවන් සහිත වූ ශ්‍රමිකයන් බිහි කිරීම අරමුණයි

    අගෝස්තු 08, 2017

    තරුණ වෘත්තිකයන් හඳුනාගෙන ලෝකයේ ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය නිපුණතාවන් සහිත වූ ශ්‍රමිකයන් බිහි කිරීම අරමුණ බවත් අවශ්‍ය වෙන්නේ ඉහළ ප්‍රමිතීන් යුත් කාර්මික තාක්ෂණික පුහුණු ආයතන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී  පැවසී ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    ඵලදායි යෝජනා රැසක් ඉදිරිපත් කළා. අධ්‍යක්ෂවරුන්ගේ  සුදුසුකම් පිළිබඳ හඳුනාගැනීමක් කරන්න කියලා, ඒ යෝජනාව සංශෝධනවලට ඉදිරිපත් කර තිබෙනවා.අපට අවශ්‍ය වෙන්නේ ඉහළ ප්‍රමිතීන් යුත් කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයි.වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් රටේ තියෙන්නේ නිෂේධනීය ආකල්පයයි. මුළු ලෝකයම කල්පනා කර තිබෙනවා, මානව සම්පත අත්පත් කරගන්න නම් ශිල්ප අත්පත් කරගත යුතුයි කියලා. ගමක් ගමක් පාසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන අවශ්‍ය වන්නේ නෑ. අපි කුඩා රටක්. අද අපට අවශ්‍ය වී තිබෙන්නේ ඉහළ පෙළේ ආයතන කීපයක් පමණයි අවශ්‍යය.

    ජර්මනිය, කොරියාව,චීනය,ජපානය රටවල ක්‍රමවල පිටුපස දර්ශනය උකහාගෙන මේ රටවල දියුණු කරන්න පුළුවන්. උතුරු පළාතේ අභ්‍යාස ආයතනය පටන් ගෙන තිබෙනවා. දැනටත් 150ක පමණ ශිසුන් සංඛ්යාවක් අධ්‍යාපනය ලබනවා. මතර ජර්මානු අභ්‍යාස ආයතනය ආරම්භ කරන්න. පළාත් නවය  තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන  නවයක්වත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයතන දේශපාලනීකරණය කරන්න එපා.දැන් අමාත්‍යාංශය වැඩ කරගෙන යනවා, තරුණ වෘත්තිකයන් හඳුනාගෙන ලෝකයේ ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය නිපුණතාවන් සහිත වූ ශ්‍රමිකයන් බිහි කිරීම අරමුණයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya