ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාකිස්ථානයේ K2 කඳුවැටිය තරණය කිරීමට යන බාලදක්ෂයන් ජනපති හමුවෙති

    අගෝස්තු 09, 2017

    පාකිස්ථානයේ K2 කඳුවැටිය තරණය කිරීම සඳහා පිටත්ව යන මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ සිසුන් තිදෙනා ඊයේ (08) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

    ලෝකයේ උසම කඳුවැටියක් වන පාකිස්ථානයේ K2 කඳුවැටිය තරණය කිරීම සඳහා ප‍්‍රථම වතාවට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහන් ලියනගේ, සිදත් කුලතුංග, කසුන් බණ්ඩාර යන මෙම සිසුන් තිදෙනා සුදුසුකම් ලබා තිබෙන අතර ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාසිංසන සහ ආශීර්වාදය පිරිනැමීය.

    මේ අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පෝතක බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර සියයක් සපිරීම නිමිත්තෙන් සෙන්රේ බාලදක්ෂ කඳවුරේ ලාංඡනය ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු විය.

    මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංගමයේ ලේකම් සුමින්ද විතානආරච්චි මහතා විසින් එම ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීය.

    මහනුවර දිසාව බාලදක්ෂ සංගමයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ,මහනුවර දිසාවේ අභිමානවත් බාලදක්ෂයෝ, ග‍්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya