ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයට සංහිදියාව ප්‍රවර්ධනයට කටයුතු කළා

    අගෝස්තු 09, 2017

    රජය බලයට පත් වූ දින සිට උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයට, සංහිදියාව ප්‍රවර්ධනයට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    උතුරු පළාතේ විනාශ වූ කර්මාන්ත හා හිමිකරුවන්ට කිසිදු වන්දි මුදලක් ලබී නැතැයි ද වන්දි මුදල් නිසි ආකාරයෙන් ලබාදීමට කටයුතු කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    ත්‍රස්තවාදී තත්ත්වය හේතුවෙන් හානියට පත් ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි මුදල් ගෙවීම කරනවා. ජීවනෝපාය සංවර්ධනයටත් ජීවන තත්ත්වය නැංවීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. අප රජය බලයට පත් වූ දින  සිට උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයට සංහිදියාව ප්‍රවර්ධනයාට කටයුතු කළා. ඉදිරියටත් එය ක්‍රියාත්මක කරන්නට රජයක් ලෙස බලාපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya