ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝගය පාර්ලිමේන්තුවේ විවාදයට

    අගෝස්තු 09, 2017

    සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝගය අද (9) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා විසින් අදාළ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

    විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    සමුද්‍ර දූෂණය ගැන කතා කිරීම අඩුයි.අටගුණයක විශාල සමුද්‍ර කලාපයක් තිබෙනවා. මෙය ආරක්ෂා කිරීමට ගත යුතු වැඩ කටයුතු රාශියක් තිබෙනවා.අපිට අවශ්‍ය කරන ඔක්ෂිජන් වැඩි ප්‍රමාණයක් නිෂ්පදානය කරන්නේ සමුද්‍ර කලපය තුළයි. සමුද්‍ර කලාපය ආරක්ෂා කිරීම අවශ්‍ය කාරණයක් වී තිබෙනවා.ජාත්‍යන්තර සම්මුතීන්වලට එකඟතාවන් පළ කර තිබෙනවා.සමුද්‍රයට වන හානිය දකින්නේ නෑ. නැව් තුළ පවතින අපද්‍රව්‍ය ලබාගන්නේ, නැවත ප්‍රතිග්‍රහනය කිරීමේ වගකීමක් පවතිනවා. ඒ වගකීම පැවරෙන්නේ, සමුද්‍ර පාරිසරික අධිකාරියටයි. එය ක්‍රියාත්මක කරගෙන යනවා.මීට අවශ්‍ය නීතිරීති රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය වෙනවා.නීතිරීති රෙගුලාසි ඉදිරිපත් කිරීම ගැසට් පත්‍රය හරහා සිදු කෙරෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya