සමෘද්ධි දීමනාව කපාදැමීමට කටයුතු කරමින් සිටින බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයෙන් අනතුරුව සභාවේ උණුසුම් විවාදයක් ඇතිවිය.
එහිදී අඳහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ,කිසිදු අසාධාරණයක් නොවන ලෙස සහනාධාර ලබාදීමට කටයුතු කරන බවත් පසුගිය රජය වසර විස්සක්ම සමෘද්ධිය කපා දැමූ බවත් පැවසීය.
මෙහිදී අඳහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේ, සමෘද්ධිය කප්පාදු කිරීමට එක්සත් ජාතික පක්ෂය ද එකඟ නොවන බවය.
මෙහිදී කතානායකවරයා සඳහන් කළේ, අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ විමසා තීරණයක් ලබාදෙන බවය. කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව තාවකාලිකව අත් හිටුවීමට කතානායකවරයා තීරණය කළේ ය.