නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂාකරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ඒ අනුව පොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙ ම නතරවන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් සකස්කරමින් පවතින බව පැවසී ය.
ඒ සඳහා දැන් මහජන අඳහස් විමසීමට ලක්කර ඇති අතර මෙම මස තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවද පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය හා කාර්ය සාධනය අධීක්ෂණය කිරීමට වෙනම ම අංශයක් ස්ථාපිත කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.