ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළා-අලුත් සම්ප්‍රදයක් ඇති කළා- ඒ ගැන ආඩම්බරයි

    අගෝස්තු 10, 2017

    යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළ බවත් සභාව අලුත් සම්ප්‍රදයක් ඇති කළ බවත් ඒ ගැන අප ආඩම්බර වන බවත් අමාත්‍ය රවීකරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    තවදුරටත් අඳහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා,

    මට මුණ ගැසිලා මට කිව්ව තනතුරෙන් ඉවත්වන බව. මම හිතන්නේ අපි අලුත් සම්ප්‍රදායක් ඇති කළා. වැරදි කළ අය අයින් වෙන්න ඕන. අද පරීක්ෂණයට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නෑ කියලා උදාහරණයක් ලබාදී තිබෙනවා. අපිට විශ්වාසභංගය ක්‍රියා නොකලට ,එදා හොරු ක්‍රියා කළේ කොහොමද? කොහෙද එදා ඇමතිවරු කොමිෂකට ගියා කියලා ඉවත් වුණේ.අලුත් සංස්කෘතියක් ඇති කළා. අපි හොරු තියාගන්නේ නෑ.මම කාටවත් චෝදනා කළේ නෑ. එල්නැලිගොඩ උස්සගෙන ගියා. රවී කරුණානායක මන්ත්‍රීතුමා තහනම් නියෝග ගත්තේ නෑ. යහපාලනයේ වෙනස මෙයයි. අද මාධ්‍යයට නිදහස තිබෙනවා. එදා අපිට කිව්ව දෝහීන් කියලා. එදා මාධ්‍යයෙන් ඉඩ දුන්නේ නෑ. දැන් හැමෝටම හොරා කියනවා. අද තියෙන්නේ නිදහස් සමාජයක්. මෙය අලුත් යුගයක්.යහපාලනය ඇති කර පෙන්වා දී තිබෙනවා.මේ සභාව අලුත් සම්ප්‍රදයක් ඇති කළා ඒ ගැන අප ආඩම්බර වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya