ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය අගය කරනවා- අමාත්‍ය මහින්ද අමරවීර

    අගෝස්තු 10, 2017

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය අගය කරන බවත් එය හොඳ පියවරක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේ දී ය.

    රවී කරුණානායක මහතා ඉල්ලා අස් වුණා. මහබැංකු මූල්‍ය වංචාව අල්ලස් කොමිෂමට පැමිණිලි කළේ අපි. දිගින් දිගටම පෙනී සිටියා. අතිගරු ජනාධිපතිතුමා නිර්භීත තීරණයක් ගත්තා,වෙනත් මහබැංකු අධිපතිවරයෙක් පත් කළා. අද ඔහු ඉතාමත් හොඳින් කාර්යභාරය කරනවා.මෙය කෝප් කමිටුවට ගියා.මේ ප්‍රශ්නය යටගහන්න,බේරාගන්න ජනාධිපති කොමිෂම පත් කළේ කිව්වා. ජනාධිපතිතුමා එදා ගත් තීන්දුව නිසා හෙළිදරව් වුණා. කෝප් කමිටුවට ආව පළමු මූල්‍ය වංචාව මෙය නොවේ. මේ වාර්තාව අද ක්‍රියාත්මක වී තිබෙනවා. මෙය ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ජයග්‍රහනයක් නොවේ. හෙළිදරව් වීම් ජනතා ජයග්‍රහනයක්. රවී කරුණානායක මහතා හොඳ මිත්‍රයෙක්. රජය බලයට පත් කරන්න කැප වුණා.

    ඉල්ලා අස්වීම හොඳයි. වැරදිකාරයා නොවුනත් එතුමා ගත් තීන්දුව අගය කරනවා. අනාගතයේ දී හොරකම් කර බේරෙන්න බෑ. සමහර වංචාවලට සම්බන්ධ වූ අය සුදනෝ වගේ හැසිරෙනවා. හොරු ආරක්ෂා කරන දේශපාලඥයින් සිටිනවා.අනාගතයේ දී රටේ ජනතාව තේරුම්ගෙන කටයුතු කරයි. රවී කරුණානායක මහතා ගත් පියවර ඉතා හොඳයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya