ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන ආයතන ඡන්දය විමසීම (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගන්නවා

    අගෝස්තු 22, 2017

    පළාත් පාලන ආයතන ඡන්දය විමසීම (සංශෝධන ) පනත්  කෙටුම්පත එළඹෙන 24 දින විවාදයට ගන්නා බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මෙහිදී පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා;

    ''අපිට වුවමනා එක ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. අපිට ඕන අත්හදා බැලීමට. පටහැනි නම් විරුධ වුණාට කමක් නෑ. අලුත් ව්‍යවස්ථාවට කලින් පුළුවන් මේවා නිවැරැදි කරන්න පුළුවන් . ඇයි විරුද්ධ වෙන්නේ?. විවිධ සංශෝධන තිබෙනවා. ඡන්ද ක්‍රමය ගැන විශාල විවාදයක් මේ රටේ තිබෙනවා. සියලු දෙනාම එකතුවෙලා මේ ඡන්දය පවත්වන්න ඕන. තව කල්දමන්න ඕන නෑ'' යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

    ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව අනුව සංශෝධන ගේනවා. ඇයි මේ කල්දමා ගන්න හදන්නේ ? යැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya