ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නියඟයට මුහුණදුන් අනුරාධපුරයේ ජනතාවට පානීය ජලය හා සහල් ලබාදීමට කටයුතු කර තිබෙනවා

    අගෝස්තු 23, 2017

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 126ක නියඟයට මුහුණදුන් ජනතාවට පානීය ජලය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් නියඟයට මුහුණ දුන් පවුල්වට සහල් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, නියං තත්ත්වය පිළිබඳව අද (23) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.


    සමස්තයක් ලෙස දිස්ත්‍රික්ක කීපයක් ප්‍රශ්නයට මුහුණ දීලා. අනුරාධපුරය දිස්ත්‍රික්කය නියඟයට මුහුණ දී තිබෙනවා. සියලු ජලමූලාශ්‍ර සිදී යෑම තුළ ජනතව ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා. 124000ක පිරිසකට  නියඟය බලපා තිබෙනවා.

    රජය අවශ්‍ය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් බලලා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. පානීය ජලය, ග්‍රාමසේවා වසම් 126කට ලබාදීමට කටයුතු කර තිබෙනවා. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පවුල් 24034කට පානීය ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ගොවි පවුල් 30815කට වන්දි ලබා දීමට කටයුතු කර තිබෙනවා. නියඟයට මුහුණ දුන් පවුල්වට සහල් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පවුල් 56222ක මෙම ප්‍රතිලාභය ලබාදීමට හැකි වී තිබෙනවා යැයි ද අමාත්‍යවරිය පවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya